EPF එකට රජය මැදිහත්වීමට 77%ක් අකමැති බව කියන සමීක්ෂණ වාර්තාව රජය ප්‍රතික්ෂේප කෙරේ

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ රජය, සේවක අර්ථසාධක අරමුදලට මැදිහත්වීමට ගත් තීරණය සාධාරණ නොවන බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 77% කගේ පිළිගැනීම වී ඇතැයි පවසමින් වෙරිටේ සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ සමීක්ෂණය සඳහා තෝරාගත් නියැඳිය සහ ඔවුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය කුමක් ද යන්න මෙහි දී සලකා බැලිය යුතු බවයි.

මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් වීමට මෙරට ජනගහනයෙන් 28⁣%ක් පමණක් කැමැත්ත පළ කර ඇති බවට සමීක්ෂණ වාර්තාවක් මීට පෙර අදාළ සමාගම ඉදිරිපත් කළ බවත්, ඒ සඳහා නියැඳිය ලෙස යොදාගෙන තිබුණේ පුද්ගලයන් 1008 දෙනෙකු හෙවත් සමස්ත ජනගහනයෙන් 0.0045%ක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ගනුදෙනුකරුවන් සතු බැංකු ගිණුම් මිලියන 57.2ක් සේම, සේවක අර්ථ සාධක අරමුදල, විශ්‍රාමික අරමුදල් ආරක්ෂා වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස බව සේමසිංහ අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොවූවා නම් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන බරපතල අර්බුදයකට ලක් වීමට ඉඩ තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය ද හේතු වූ බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී සියලු ණය හිමි රටවල් වෙත සමානව සැලකීමේ න්‍යාය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා රජය අනුගමනය කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඒ, අනුව සියලු ණය හිමි රටවල් මේ වන විට ඊට එකඟතාව පළ කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කරන අතර, ණය ගෙවීමේ කාලය වැඩි කර ගැනීම සහ පොළී අනුපාත පහත දමාගැනීම ශ්‍රී ලංකාව මූලික වශයෙන් එම රටවලින් අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය සඳහා එහි විධායක කමිටු අනුමැතිය නුදුරේදීම ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14