Drive through පීසීආර් සහ ඇන්ටිජන් පරික්ෂණ අත්හිටුවයි

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා එම අමාත්‍යාංශ විසින් නිකුත්කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර ඇත.

එම රෝහල් සහ රසායනාගාරවල පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන් පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයක් නිකුත්කරමින් ඉල්ලා සිටී.

01. මෙම පරික්ෂණය කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්යභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශයට අනුව පමණි.

02. සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ ආයතන විසින් වාර්තා නිකුත් කරන තෙක් රෝගීන්ට ආයතනය/නිවස තුළ හුදකලාවීමට උපදෙස් දියයුතු අතර ඒ බවට අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් විසින් තරයේ සුපරීක්ෂණය කිරීමට වගබලා ගත යුතුය.

03. රෝගියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය, අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා රෝගීයා දැනුවත් කිරීම රෝහල් / රසායනාගාර භාර නිලධාරීයාගේ වගකීමකි.

04. ඉහත වගකිවයුතු නිලධාරීන්ගේ නිර්දේශ අනුව, ආසාදිත රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කළ  කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් ලබාදීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුය.

05. පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම නිශ්චිත හා ආරක්ෂිත ස්ථානයක සිදුකළ යුතු අතර Walk in or drive through රෝගීන් සඳහා පරික්ෂණ කිරීමට අවසර නොමැත.

06. අදාළ බලධාරීන් විසින් මෙම මාර්ගෝපදේශය පිළිනොපදින බව යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වුවහොත් කොවිඩ්-19 පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂණ සිදුකිරීම සඳහා ලබා දී ඇති අවසරය අවලංගු  කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කටයුතු කරනු ඇත.

07. විදේශ සංචාර අරමුණ මත සිදුකරන පී.සී.ආර් පරික්ෂණ හා වැඩබිම් ආශ්‍රිතව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති කොවිඩ්-19 පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මෙම මාර්ගෝපදේශ අදාළ නොවේ.

එබැවින් තවදුරටත් වැඩබිම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, කොවිඩ්-19 ආවේක්ෂණ සහ රසායනාගාර පරික්ෂණ සඳහා දැනට නිකුත් කර ඇති “Screenig and laboratory testing for covid-19 for employees in workplaces” මාර්ගෝපදේශයට අනුකූලවද කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ දන්වා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14