Dialog e-Load Super Blast ප්‍රවර්ධන වැඩසටහනේ මහා දිනුම් ඇදීමට හිමි Toyota Raize SUV රථ තුනෙන්, ප්‍රථම SUV රථය දිනාගත් වගයි

මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ලක්‍ෂ හතක පාරිභෝගිකයන්ට තෑගි පිරිනමා ඇත.

ශ්‍රී ලංකාවේ අංක 01 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පාරිභෝගිකයින් අතර ඩිජිටල් රීලෝඩ් දිරිමත් කිරීමේ අරමුණෙන් දියත් කරන, “Dialog e-Load Super Blast” ප්‍රවර්ධන වැඩසටහනේ මහා දිනුම් ඇදීමෙන් පිරිනමන ප්‍රථම Toyota Raize SUV රථය පසුගියදා වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත ප්‍රදානය කරනු ලැබිණි.

මේ වන විටත් රට පුරාම ජයග්‍රාහකයින් 700,000ක පිරිසකට වටිනා තෑගි පිරිනමමින් දියත් කර ඇති මෙම වැඩසටහන තුළින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් ඩිජිටල් ක්‍රමවේද කරා යොමු විම වේගවත් කිරීමට ඩයලොග් තවදුරටත් කැපවෙයි
.
අගෝස්තු 24 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවති “Dialog e-Load Super Blast presents Derana Boom Town” ප්‍රසංගයේදී, ඩිජිටල් රීලෝඩ් කිරීමෙන් ප්‍රථම Toyota Raize SUV රථය දිනාගත් වාසනාවන්ත ජයග්‍රහකයා බවට පත් වූයේ, බණ්ඩාරගම එල්. ලසන්ත කැලුම් මහතායි.

ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල පැවැත්වීමට නියමිත තවත් මහා දිනුම් ඇදීම් දෙකකින් තවත් මෙවැනිම Toyota Raize SUV දෙකක් පිරිනැමීමට නියමිතය.

ඩිජිටල් රීලෝඩ් කරන පාරිභෝගිකයින්ට ව්ශාලතම තෑගි පිරිනමන මෙම වැඩසටහන දියත් කළ දා පටන් මේ දක්වාම පාරිභෝගිකයින්ට දිනපතාම රන් කාසි, ස්මාර්ට්ෆෝන් ඇතුළුව තවත් වටිනා තෑගි පිරිනමමින් ඩයලොග් දැනටමත් 700,000ක කට අධික පාරිභෝගිකයින් පිරිසක් ජයග්‍රාහකින් බවට පත්කර තිබේ

ඒ තුළින් ඔවුන්ට වටිනාම තෑගි පිරිනමන විනෝදාත්මක ඩිජිටල් රීලෝඩ් අත්දැකීමක් හිමිකර දීමට ඩයලොග් දක්වන කැපවීම පිළිබිඹු වේ.

“අපේ අරමුණ පාරිභෝගිකයින්ට සම්බන්ධතාවය ලබාදීම පමණක්ම නොවෙයි. පහසු ක්‍රම තුළින් ඔවුන් වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය භාවිතයට යොමු කිරීමයි. ඒ අතරම, මෙවැනි වටිනා තෑගි හිමිකර දෙන ප්‍රවර්ධන වැඩසටහන් තුළින් අපගේ පාරිභෝගිකයන්ගේ ජීවිත ඉහළ නැංවීමට කටයුතු කිරීමයි.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය.

“අප හඳුන්වා දෙන ඩිජිටල් ක්‍රමවලින් සුවිශාල පාරිභෝගික පිරිසක් මේ ආකාරයට ඵල ප්‍රයෝජන ලබාගන්නා ආකාරය දැකීමත් අපට ආඩම්බර විය හැකි කාරණයක්. පාරිභෝගික ජීවිත වෙනස් කරන මෙවැනි තෑගි තව තවත් පිරිනමමින්, අපගේ ඩිජිටල් ගමනේ ඔවුන් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අපි කටයුතු කරනවා.”

සියලු ශ්‍රී ලාංකිකයින් ඇතුළත් කරගැනෙන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව පියනගද්දී, මෙවැනිවැඩසටහන් ගෙනඑමින් ඩයලොග් කැපවන්නේ, එම ගමනට එක්වන පාරිභෝගිකයින්ට පහසු, සුරක්ෂිත හා තෑගි හිමිකරදෙන ඩිජිටල් අත්දැකීම් පිරිනැමීමටයි.

පාරිභෝගිකයින්ට, MyDialog App, Dialog.lk, WOW Superapp, banking apps හෝ වෙනත් ඕනෑම ඩිජිටල් payment ක්‍රමයක් හරහා රු. 100 කට වැඩි මුදලක් රීලෝඩ් කිරීමෙන්, මහා දිනුම් ඇදීම් දෙකෙන් මෙවැනිම Toyota Raize SUV රථ දෙකක් දිනාගැනීමට හැකි scratch කාඩ්පතක් හිමි වේ.

එම කාඩ්පත් scratch කර, රන් කාසි, ස්මාර්ට්ෆෝන් සහ නොමිලේ Data වාසි ඇතුළු ක්ෂණික තෑගිද සමග මහා දිනුම් ඇදීමට එක්වීමට අවස්ථාව දිනාගැනීමට, අඛණ්ඩව ඩිජිටල් රීලෝඩ් කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කෙරේ. වැඩි විස්තර සඳහා, https://www.dialog.lk/e-load-super-blast වෙත පිවිසෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37