COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව ‘අද පෙරවරුවේ ගත්’ විශේෂ තීරණ මෙන්න

වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේ (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී රස වුණා.

මෙහිදී ප්‍රධාන තීරණ කිහිපයකට එළඹුණු අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථාන වලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කර තිබෙනවා.

යම් කෙනෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල් වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවේ දී මෙම තීරණය කරන ගනු ලැබුවා.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදි කරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීමට තීරණය කෙරුණා.

මෙහි දී වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට කාර්ය මණ්ඩල යොමු කිරීමට තීරණය කළා.

එමෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දුන් අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ වලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේ දී සිදු කිරීමට කටයුතු කරන ලෙසට ද මෙම කමිටුවේ දී උපදෙස් දුන්නා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39