spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංගල උත්සවයේ මනාලියට කොරෝනා – මනාලයා ඇතුළු පවුල් 35ක පිරිසක් නිරෝධායනයට

මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ මනාලියක් කොවිඩි ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමඟ මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගි වූ පවුල් 35ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මංගල උත්සවයට අවශ්‍ය දෑ මිලදී ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් වෙත ගිය අවස්ථාවක මනාලියට මෙලෙස වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සෞඛ්‍යය බලධාරීන් සැක පළකරන්නේ.

මනාලයා රැපිඩ් අන්ටිජන් පරික්ෂණය සදහා යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු නිවසේම නිරෝධායනය සදහා යොමු කර ඇති අතර මනාලිය ප්‍රතිකාර සදහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා. නිවෙස් වල නිරෝධායනය සදහා යොමු කර ඇති පවුල් 35ට අදාළ පිරිස ඉදිරියේදී පී.සී ආර් පරික්ෂණය සදහා යොමු කිරීමට සූදානම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?