spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

CID ලොක්කෙක් ජන බලවේගයේ ලොකු පුටුවකට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මැයි මස ආරම්භ කිරීමට සූදානම් NPP විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා කැනඩාවේ පැවති ජන හමුව අමතමින් කියා සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණ අවශ්‍ය නොවන බවත් පරීක්ෂණ හරහා මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය.

කෙසේවෙතත්, එවකට සිටි ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළ ප්‍රකාශය ඉතා බරපතල බවත් ප්‍රහාරයෙන් පසු මාස 7ක් ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඔහු සිහිපත් කර සිටියා.

පාස්කු සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දැන් විශ්‍රාම ගොස් NPN ය සමඟ කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
18
+1
4
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?