අඩි 60ක් ගැඹුරු මුහුදේ සිදුකල විවාහය (විඩියෝ)

පෙම්වතුන් යුවළක් සිය විවාහ උත්සවය අඩි 60ක් ගැඹුරු මුහුදේ කිමිදෙමින් පැවැත්වීමේ පුවතක් පසුගියදා වාර්තා විය. ඒ දකුණු ඉන්දියාවේ වෙන්නායි නුවර.තාක්ෂණික වෘත්තීන්හි නියැළී සිටින දෙපළට සිය විවාහය ‘වෙනත් විවාහ අවස්ථාවන්ට වඩා වෙනස් ආකාරයෙන් සිදුකිරීම සම්බන්ධයෙන් ඇති වූ අවශ්‍යතාව අනුව මෙලෙස එය සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.සාගර දූෂණය සම්බන්ධයෙන් ජනතාව තුළ දැනුවත්භාවයක් ඇති කිරීම මෙම උත්සාහයේ අරමුණ බව මනාලයා වන චින්නදුරෙයි සඳහන් කරයි. ඔහු වසර 12ක කාලයක් ස්කුබා කිමිදුම් ක්‍රීඩාවේ යෙදෙමින් ඒ සම්බන්ධ බලපත්‍රයද සහිත අයෙකි.

පිහිනුම් තටායක් තුළ සිදුකළ පෙරහුරු කිහිපයකින්  අනතුරුව යුවළ මෙලෙස අඩි 60ක් ගැඹුරු මුහුදේදී සිය විවාහය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  විවාහයේ පළමු වැනි අදියරේ වාරිත්‍ර වාරිත්‍ර පසුගිය පෙබරවාරි 01දා ‘ දෙපාර්ශ්වයේම ඥාතීන් ඉදිරිපිටදී පැවැත්වීමෙන් අනතුරුව දෙදෙනාම ‘බෝට්ටුවක නැගී බෙංගාල බොක්කේ කිලෝ මීටර් 4.5ක්  දුරින් පිහිටි සාගරය වෙත  ගොස් තිබේ. එහිදී ඔවුන් සමග කිමිදුම් උපදේශකයන් හය දෙනෙකුද ගමන සඳහා පිටත්ව ගොස් ඇත. මෙම විවාහයේ සැරසිලි මෙන්ම එය කැමරාගත කිරීමත් සිදුකර ඇත්තේ මෙම උපදේශකයන් විසිනි.

මනාලයා දකුණු ඉන්දියාවේ සම්ප්‍රදායික දෝතියකින් සහ කසයකින් සැරසී සිට ඇති අතර ඔහුගේ මනාලිය වන   ස්වේතා සාම්ප්‍රදායික සාරියකින් සැරසී සිට ඇත. කෙසේ වෙතත් මුහුදේ කිමිදුනු එම කාලසීමාවේදී එහි ඇති මිනිසා විසින් මුහුදට එක්කර ඇති අපද්‍රව්‍යය දැකීමෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වූ බව චින්නදුරෙයි මාධ්‍ය වෙත පවසා ඇත.

261703 2
https://youtu.be/s-rPo4g4dL4
261703 2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29