CCTV-වලින් හංඟන්න හැදූ, වැලිගම ඝාතනයේ සුළමුල එළියට..

බසයට යට කරන්නට පෙර ගත් CCTV දර්ශන මෙන්න

මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් පසුගිය 20 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.එහිදී මියගිය පුද්ගලයා බස් රථයකට යටවන දර්ශන පෙළක් පමණක් නිකුත් වීම සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා එල්ල කළේ වැලිගම පොලිසිය වෙතයි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බලා සිටියදී අදාළ පුද්ගලයාට පහරදීමක් සිදුවන ආකාරයත් ඉන් අනතුරුව ඔහු බස් රථයකට යටවන ආකාරයත් දැක්වෙන දර්ශනපෙළක් අපවෙත ලැබී තිබෙනවා.

47 හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමැති තිදරු පියෙක් අදාළ සිද්ධියේදී මියගොස් තිබුණා.

එම පවුලේ මව හා තවත් දරුවන් දෙදෙනෙක් නිවසේ නිරෝධානයට ලක්කර තිබුණේ ඔහුගේ දියණියක් කොග්ගල ඇගලුම් කර්මාන්ත ආයතනයක සේවයේ නියුතු අතර ඇය කොවිඩි ආසාදිත වීම හේතුවෙන්.

නමුත් දින කිහිපයක් තිස්සේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නොමැති වීම හේතුවෙන් දරුවන් හා බිරිඳට රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණ තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රීයේයි.

එහිදි කිසියම් පිරිසක් මොහුට පහරදී ඇති බව වාර්තා වුණා.

ඔහුගේ බිරිඳ හා දරුවන් පැවසුවේ වැලිගම පොලිසිය විසින් ඔහුට පහරදි ප්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා තිබියදි බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04