වාරියපොල අවුලේගම සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ දී අපරික්ෂාකාරී ලෙස පාපැදියක් දකුණට හැරවීම නිසා අනතුරක් සිදුව තිබුණා.
මෙම අනතුරින් වයස අවුරුදු 60 ක් වූ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
වාරියපොල රෝහලට ඇතුලත් කළ ඔහු ඉන් පසුව කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.













