මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණු සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ආනන්ද පාලිත අද (17) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා රුපියල් ලක්ෂ 31ක මුදලක් වංචා කිරීමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු ඊයේ (16) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා .
ඔහුගෙන් පැය හතකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.
