රේගුවේ ප්‍රමාදයෙන් BYD පාරිභෝගිකයින් කැළඹෙයි – වහා විසඳුම් දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලයි

BYD විදුලි මෝටර් රථ පෙර ඇනවුම්කරුවන් පිරිසක් අද කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ තමන් පෙර ඇනවුම්කළ BYD විදුලි මෝටර් රථ නිසි වෙලාවට ලබා නොදීමට එරෙහිව ඒවා තමන්ට කඩිනමින් ලබාදෙන ලෙසට බලධාරීන්ට බලකරමින්.

මෙහිදී විරෝධතාකරුවන් සදහන් කර සිටියේ ඇනවුම්කළ BYD රථ, තවදුරටත් කල්මරමින් නොසිට තමන් වෙත ලබාදීම සදහා බලධාරීන් කඩිනමින් මැදිහත්විය යුතු බවයි.

රේගුව විසින් මෝටර් රථ රඳවා තබා ගැනීම හේතුවෙන් පෙර මුදල් ඇනවුම් ලබා දී මෝටර් රථ වෙන් කරවා ගත් පාරිභෝගිකයින් මාස කිහිපයක් පුරා අපහසුතාවයට පත් වීම හේතුවෙන් මින් ඉහතදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් රේගුවට සහ රජයට මේ සම්බන්ධයෙන් ප්‍රමිතිගත ජාත්‍යන්තර ක්‍රමවේද යටතේ කඩිනම් පරීක්ෂණයක් සිදු කර රඳවා ගෙන සිටින BYD මෝටර් රථ නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

නමුත් ඒ පිළිබඳව නිසි බලධාරීන් කඩිනම් වගකිවයුතු ක්‍රියාශීලි පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් ඔවුන් මහත් කැළඹීමට පත්ව සිටිනු දක්නට ලැබුණා.

BYD මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ඇරඹීමත් සමඟ මෙරට මෝටර් රථ ක්ෂේත්‍ර උඩි යටිකුරු වන්නට වුණා.

ඊට හේතුව වුයේ වසර ගණනාවක් අලුත්ම මෝටර් රථයක් මිලදී ගැනීමේ අශාවෙන් මෝටර් රථ ආනයන සීමා ලිහිල් කරන තෙක් බලා සිටි පාරිභෝගිකයින් බහුතරයක් සම්ප්‍රධායික අභ්‍යන්තර දහන ඉන්ධන මෝටර් රථ වෙනුවට විද්‍යුත් EV මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹීමත් සමගය. මුල්‍ය වාසිය, නව්‍ය තාක්ෂනය,සුව පහසුව, ආරක්ෂාව, පාවිච්චි කරන ලද වාහනයක මිලට වඩා අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව, පාරිසරික සහජිවනය ආදී කරුණු රාශියක් හේතුවෙන් BYD ඉල්ලුම අතිශය තරඟකාරී ලෙස ඉහළ ගිය අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ පැරණි වාහන අලෙවියට අභියෝග කරමින් සිය වෙළඳපොල කොටස සීග්‍රයෙන් වර්ධනය කර ගැනීමට BYD මෝටර් රථ මෙරටට ආනයනය කරනු ලබන JKCG සමාගම සමත් වී තිබෙනවා.

මෙම තරඟකාරී වෙළඳපොල ක්‍රියාකාරිත්වය හමුවේ විවිධ බලපෑම් සමඟින් ශ්‍රී ලංකා රේගුව සම්ප්‍රධායික වාහන නිෂ්පාදන සමාගමේ දත්ත මත පදනම්ව වාහන රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදයට බාහිරව BYD මෝටර් රථ වරායේ රඳවා ගැනීමේ ගැටළුකාරී තත්වය නිසා BYD වාහන පෙර ඇණවුම් කර අත්තිකාරම් ගෙවා බලා සිටි පාරිභෝගිකයින්ට සිය මෝටර් රථය JKCG කාල සටහනට අනුව ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබිණි. අද කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කිරීමට මුලික හේතුව වුයේ ද මෙම කරුණයි.

ශ්‍රී ලංකාවේ ඉහළම විශ්වාසය දිනූ සන්නාම නාම ඇති ව්‍යාපාර රැසක හිමිකරු වන ජෝන් කීල්ස් සමූහය මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද, සමාගම ගනුදෙනුකරුවන්ට මුල් තැන ලබා දෙමින් මින් ඉහතදී පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශයක් මත පදනම්ව, සිය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ බැඳීම තව දුරටත් තහවුරු කරමින්, John Keells CG Auto (JKCG) සමාගම ලෙස සිය පාරිභෝගික ජනතාවට මෙතෙක් මෝටර් රථ ඉතිහාසයේ සමාගමක් ලබා දුන් සුවිශේෂී සහන ද පිරිනමනු දක්නට ලැබුණා.

WhatsApp Image 2025 11 04 at 16.51.15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
19
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47
Video thumbnail
රනිල් ගත්ත ණය ගැන කියද්දි රාජිතට යකා නගියි - ණය ගන්න එක කිසිම වැරැද්දක් නෙවෙයි
04:26