Browns විශ්වාසය සමඟින් චීනයේ විශාලතම වාහන නිෂ්පාදකයා වෙතින් පැමිණෙන BAW E7!

BAW සන්නාමය ශ්‍රී ලාංකික අපට ආගන්තුක එකක් වුවත්, එය චීනය ඇතුළු අග්නිදිග ආසියාතිකයින්ට සහ ඇමෙරිකාව, යුරෝපය ඇතුළු බටහිර රටවලට නම් එතරම් ආගන්තුක සන්නාමයක් නොවේ.
BAW ආයතනය මීට වසර 72 කට පෙර 1953 වසරේදී, චීන හමුදාවට අවශ්‍ය ජීප් රථ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් නිර්මාණය වී ඇත.
Beijing Automobile Works යන නාමය කෙටි කර සාදා ඇති BAW සන්නාමය පසු කාලයකදී සාමාන්‍ය ජනතාවට භාවිතා කළ හැකි මෝටර් රථ නිෂ්පාදනය කිරීම වෙතද සිය අවධානය යොමු කරන ලදි.
මුල් කාලයේදී උසස් ඇමෙරිකානු මෝටර් රථ සන්නාම වන Buick, Cadillac වැනි වාහනවල ආකෘතිය අනුව යමින් තම මෝටර් රථ නිෂ්පාදනය කළ BAW සමාගම, පසුව චීන ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය කර ගත් තාක්ෂණය ඔස්සේ මෝටර් රථ නිපදවීම ආරම්භ කරන ලදි.
ඒ පැමිණි ගමන් මගේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් වීමට ඔවුන්ට හැකියාව ලැබුණි.
අදටත් චීනයේ විශාලතම සහ ලොව දෙවැනි විශාලතම (General Motors ට පසු) මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාව අයත් වන්නේ BAW සමාගමට වේ.
අනාගත ලෝකයට වේගයෙන් හැඩ ගැසෙමින් සිටින ඔවුන් මේ වන විට විද්‍යුත් වාහන නිෂ්පාදනයටද අවතීර්ණ වී තිබේ.
ඔවුන්ගේ EV නිෂ්පාදන පෙළෙහි ඇති, ‘බජට්’ වාහන මේ වන විටත් ඒවායේ තිබෙන දැරිය හැකි මිල හා ඒ මිලට වඩා වැඩි පහසුකම් සැපයීම නිසා අග්නිදිග ආසියානු කලාපය තුළ මෙන්ම නේපාලය, පාකිස්ථානය, ඉන්දියාව වැනි දකුණු ආසියානු රටවල් තුළ සහ අප්‍රිකානු කලාපය තුළත් ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
දකුණු ආසියානු කලාපය තුළ අතිශයින්ම ජනප්‍රිය වී ඇති මෙම BAW E7 රථය, අධික බදු සහ විකෘති වෙළඳපළක් හේතුවෙන් වාහන මිල අහස උසට වැඩි වී ඇති ශ්‍රී ලංකාවටද හොඳින්ම සුදුසු වාහනයක් ලෙස හැඳින්විය හැකිය.
ඒ බව අවබෝධ කර ගත්, ශ්‍රී ලංකාව තුළ ඉහළ කීර්තියක් උසුලන Browns සමාගම විසින්, දැරිය හැකි මිලකට අලුත් වාහනයක් මිලදී ගැනීමට සිහින දකින ජනතාව වෙනුවෙන් මෙම E7 රථය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ භාරදූර කාර්යය සියතට ගෙන තිබේ.
BAW නම් දැවැන්ත සන්නාමයේ කීර්ති නාමය සහ Browns විශ්වාසය සමඟ දිවයිනට පැමිණෙන මෙම E7 රථය මේ වන විටත් වාහන වෙළඳපළ උඩු යටිකුරු කිරීමට සමත් වී ඇති බව ක්ෂේත්‍රයේ විශේෂඥයින් මත පළ කර සිටියි.
නවතම brand new, unregister මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100 කට අඩුවෙන් මිලදී ගත නොහැකි අවස්ථාවක, රුපියල් ලක්ෂ 47 ක් වැනි සාමාන්‍ය ජනයාටද දැරිය හැකි මිලකට පැමිණෙන BAW E7 රථය, මේ වන විටත් ශ්‍රී ලාංකේය ජනතාව අතර ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් තිබේ.
ලොවම EV රථ දෙසට හැරෙමින් සිටින මොහොතක, ශ්‍රී ලාංකීය අපටද එය මග හැර යා නොහැකි නිසාම, මේ වන විටත් රට පුරා EV ආරෝපණ මධ්‍යස්ථාන, එනම් charging stations රැසක් වේගයෙන් ඉදි වෙමින් පවතී.
එබැවින් නගරය තුළ භාවිතා කිරීමට නිර්දේශ කළ වාහනයක් වුවත්, කුඩා රටක් වන ශ්‍රී ලංකාව තුළ දිගු දුර ගමන් යෑමටද E7 රථය සියලු සුදුසුකම් සම්පූර්ණ කරනු ඇත.
ශ්‍රී ලංකාව තුළ විශාල කීර්ති නාමයක් උසුලන, දැවැන්ත බෙදා හැරීමේ ජාලයක් සහිත Browns ආයතනය විසින් ලබා දෙන වසර 10 ක වගකීම නිසා, කිසිඳු සැකයක් නොමැතිව ඕනෑම අයෙකුට E7 රථයක් මිලදී ගැනීමේ තීරණය නොබියව ගත හැකිය.
ඒ වගේම Browns විශ්වාසය නිසා අමතර කොටස් සහ සේවා පහසුකම් ගැනද කිසිඳු බියක් තබා ගත යුතු නැති බව මේ වන විටත් පෙර ඇණවුම් තබා ඇති පාරිභෝගිකයින් රැසක් අදහස් දක්වා තිබේ.
එබැවින් දැරිය හැකි මිලකට හොඳ පහසුකම් සහිත නවතම මෝටර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සැමට, වසර 150 ක අසමසම Browns විශ්වාසය සමඟින් එන BAW E7 රථය නිර්දේශ කළ හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22