Breaking News :තිළිණි ප්‍රියමාලිට ඇප

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහි ව මීට පෙර නඩුකර 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල දී විභාගයට ගැනුණු අතර, එම නඩුකර සඳහා ඇයට මීට පෙර ඇප හිමි ව තිබුණා. රුපියල් පනස් දහසක මුදල් ඇප රුපියල් මිලියනයක ශරීර ඇප මත යි මෙසේ තිළිණි ප්‍රියමාලි ව මුදා හැරුණේ.

ඇයට විදේශ ගමන් ද තහනම් වන අතර, ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවත් සෑ ම මසක ම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අධිකරණය විසින් තිළිණි ප්‍රියමාලිට නියෝග කර තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්