Breaking – කළුතර සිසුවියගේ අභිරහස් මරණයට සෙවූ සැකකාර තරුණයා අත්අඩංගුවට (වීඩියෝ)

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසියට හැකිව තිබෙනවා.

ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහට ලද තොරතුරක් මත හික්කඩුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙලෙස අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක් සමඟ කළුතර ප්‍රදේශයේ ලැඟුම්හලකට පසුගිය 06 වනදා පස්වරු 6.30ට පමණ පැමිණ තිබුණා.

පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබූ අතර, එලෙස කාමර දෙකක් වෙන්කර ගත්ත ද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව ලැඟුම්හලේ සේවකයෙකු දැක ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් ලැඟුම්හලෙන් පිටත්ව ගොස් ඇති අතර,ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් ඉන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබෙනවා.

අදාළ ලැඟුම්හලෙන් ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු ලැඟුම්හලට පිටුපස යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට එහි කාර්ය මණ්ඩලයට පවසා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර – නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර ප්‍රසිද්ධ බාලිකා පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්.

පසුව සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට ලැඟුම්හලට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් තරුණියකගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි.

එක්වරම කලබලයෙන් ලැඟුම්හලෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර ලැඟුම්හලෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවයි.

මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථය නැඟ පළාගොස් තිබුණා.

පසුව අනෙක් තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටී සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබු බවයි වාර්තා වුණේ.

මේ අතර සිසුවිය ඇතුළු පිරිස හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ද පොලීසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගත් අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරු පළාගිය මෝටර් රථය ද සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.

පසුව එම සැකකරුවන් තිදෙනාම ඊයේ (08) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඉන් අනතුරුව පොලිසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශන වලදීයි සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

https://youtu.be/ZUr1vQ1VgN4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02