spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Breaking News – ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කථානායකවරයා නිල වශයෙන් රටට දැනුම්දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කථානායකවරයා විසින් නිල වශයෙන් රටට දැනුම් දුන්නා.

ඒ මේ වනවිට කථානායක නිල නිවසේ දී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදීයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා එහිදී සඳහන් කළේ 2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිත්‍යානුකූලව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

අදාල නිල ප්‍රකාශය සිදුකරමින් කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව ජනාධිපතිවරයෙක් තෝරාගන්නා තෙක් ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපති ධුරයේ කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ඇති බවයි.

එමෙන්ම නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාදාමය ඉතා ඉක්මනින් සහ සාර්ථකව අවසන් කිරීම තමන්ගේ අරමුණ බවයි කථානායකවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මෙම ක්‍රියාදාමය උපරිම විනිවිධ භාවයකින් සහ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

ඒ අනුව මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සිය උපරිම සහාය ලබාදෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් කථානායකවරයා ඉල්ලා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබුණු බව කථානායකවරයා ඊයේ (14) රාත්‍රියේ නිවේදනය කළා.

එම ලිපියේ නිරවද්‍යතාවය පිළිබදව සොයා බැලීමෙන් අනතුරුවයි කථානායකවරයා අද (15) දිනයේ මෙම නිවේදනය රට හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ.

කථානායකවරයා ප්‍රකාශ කළ නිල නිවේදනය පහතින්..

WhatsApp Image 2022 07 15 at 9.48.58 AM

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?