Breaking News – ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කථානායකවරයා නිල වශයෙන් රටට දැනුම්දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කථානායකවරයා විසින් නිල වශයෙන් රටට දැනුම් දුන්නා.

ඒ මේ වනවිට කථානායක නිල නිවසේ දී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදීයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා එහිදී සඳහන් කළේ 2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිත්‍යානුකූලව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

අදාල නිල ප්‍රකාශය සිදුකරමින් කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව ජනාධිපතිවරයෙක් තෝරාගන්නා තෙක් ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපති ධුරයේ කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ඇති බවයි.

එමෙන්ම නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාදාමය ඉතා ඉක්මනින් සහ සාර්ථකව අවසන් කිරීම තමන්ගේ අරමුණ බවයි කථානායකවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මෙම ක්‍රියාදාමය උපරිම විනිවිධ භාවයකින් සහ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

ඒ අනුව මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සිය උපරිම සහාය ලබාදෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් කථානායකවරයා ඉල්ලා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබුණු බව කථානායකවරයා ඊයේ (14) රාත්‍රියේ නිවේදනය කළා.

එම ලිපියේ නිරවද්‍යතාවය පිළිබදව සොයා බැලීමෙන් අනතුරුවයි කථානායකවරයා අද (15) දිනයේ මෙම නිවේදනය රට හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ.

කථානායකවරයා ප්‍රකාශ කළ නිල නිවේදනය පහතින්..

WhatsApp Image 2022 07 15 at 9.48.58 AM



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13