AusLankaTv සමාජ මෙහෙවර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ ඇගයීමට

ඕස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකේය මාධ්‍ය ජාලය වන AusLankaTv, ඕස්ට්‍රේලියාවේ සිටින තම ප්‍රජාව වෙනුවෙන් සිදුකරන සේවය අගයමින් එරට ෆෙඩරල් රජය විසින් ප්‍රදානයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව මෙල්බන් හි පිහිටි AusLanka Tv මැදිරි සංකීර්ණය වෙත පැමිණ එම ප්‍රදානය ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රිනී Cassandra Fernando (MP Federal Member for Holt) විසින් එය AuslankaTv වෙත පිරිනැමුවා.

එමෙන්ම AuslankaTv විසින් සිදුකර සේවය මෙහි දී ඇගයීමට ලක්කර ඇති අතර, විදේශ රටක දී තම ප්‍රජාව වෙනුවෙන් කරන සේවය මෙහි දී ප්‍රශංසාවට ලක් කෙරුණා.

මෙහිදි AusLankaTv, AusLanka Radio, AusLanka News මේ සියලු අශංයන් විසින් තම ප්‍රජාව වෙනුවෙන් විදෙස් රටක සිට කරන සේවාව ෆෙඩරල් සාමාජිකා Cassandra Fernando විසින් මෙහිදි ප්‍රශංසාවට ලක් කළා.

මෙල්බන් හි කුඩා ස්ථානයකින් ආරම්භ වූ AusLanka Tv මාධ්‍ය ජාලය වසර 04ක් වැනි කෙටි කළක් තුළ නවීන තාක්ෂණයෙන් යුත් මැදිරි සංකීර්ණයක් ලෙස වැඩි දියුණු වීම ද මෙහිදි මන්ත්‍රීවරිය විසින් ඇගයීමට ලක් කළා.

AusLanka Tv වෙනුවෙන් එහි සභාපති චමිල ලොකුනාරංගොඩ, ෆෙඩරල් රජය විසින් ලබා දුන් මෙම ප්‍රදානය භාරගනු ලැබුවා.

AusLanka Tv -Face book/ Tiktok/ Youtube, Instagram සහ Auslankatv.com යන වෙබ් අඩවිය ඔස්සේ ද තොරතුරු බෙදා හරින මාධ්‍ය ජාලයක් වන අතර ඔස්ට්‍රේලියාවේ Chanel 31 ඔස්සේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්ම Current Affairs වැඩසටහන් නැරඹීමේ අවස්ථාව හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39