ASP එරික් පෙරේරා මාරුවෙන් වෙන්නප්පුවේ වසා දැමූ ග. නිවාස යලි ඇරේ

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස යළි විවෘත කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර නගරයේ පිහිටා තිබූ තවත් සම්බාහන මධ්‍යස්ථාන අටක් ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් බල ප‍්‍රදේශයන්හි පාසල්වල විදුහල්පතිවරුනගේ්, ආගමික ස්ථානවල නායකයන්ගේ සහ දෙමවුපියන්ගේ ඉල්ලීම මත සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට කටයුතු කර තිබිණි.

මෙම සම්බාහන මධ්‍යස්ථානවලට පාසල් දරුවන් යෑමේ ප‍්‍රවණතාව වැඩිවීම නිසා ඒවා වසා දැමීමට පියවර ගෙන තිබිණි.

මේ වන විට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මීගමුව සහකාර පොලිස් අධිකාරී ලෙස ස්ථාන මාරුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09