Ashish Vidyarthi යළිත් යුග දිවියට

60 හැවිරිදි ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පී Ashish Vidyarthi, යළිත් විවාහ දිවියට එළඹ තිබෙනවා.

ඒ Assam ප්‍රාන්තයේ විලාසිතා ව්‍යවසායිකාවක් වන Rupali Barua සමඟයි.

යුවළගේ විවාහ මංගල්‍යයේ පසුගියදා කොල්කටාහිදී පැවති අතර ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍යවල විශාල ලෙස හුවමාරු වෙමින් පවතිනවා.

මෙම මංගල ත්සවයේ ඡායාරූප බොලිවුඩ් රසිකයන්ගේ සමාජ මාධ්‍ය පිටු කිහිපයක පළ කර තිබුණා.

තමන් විවාහ වීමට ගත් තීරණය පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවීණ රංගන ශිල්පීයා කියා සිටියේ, “මගේ ජීවිතයේ මේ අවධියේදී, රූපාලි සමඟ විවාහ වීම අසාමාන්‍ය හැඟීමක්. අපි උදෑසන විවාහ ගිවිසගෙන සවස සුහද හමුවක් පැවැත්වූවා.”

රුපාලි මුණගැසුණේ කෙසේදැයි ඇසූ විට, ආශිෂ් විද්‍යාර්ථී පැවසුවේ, “අපි කාලෙකට කලින් හම්බවෙලා ඒක ඉස්සරහට ගෙනියන්න තීරණය කළා. ඒත් අපි දෙන්නටම ඕන වුණේ අපේ විවාහය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කරන්න.”

Ashish Vidyarthi මීට පෙර විවාහ වී සිටියේ රාජෝෂි විද්‍යාර්ථි සමඟයි.

ආශිෂ් විද්‍යර්ති හින්දි, තෙළිඟු, දෙමළ, කන්නඩ, මලයාලම්, ඉංග්‍රීසි, ඔඩියා, මරාති සහ බෙංගාලි ඇතුළු භාෂා රැසක චිත්‍රපටවල රඟපා තිබෙනවා. ඔහුගේ චිත්‍රපට අතර A Love Story, Baazi, Jeet, Mrityudaata, Arjun Pandit, Major Saab, Soldier, Haseena Maan Jaayegi, Jaanwar, Vaastav: The Reality, Joru Ka Ghulam, Refugee, Jodi No.1, Main Jhuth Nahin Bolta සහ Kyo Kii වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50