ජැටියේ ගැටලුවට විසඳුම් නොදී අත්‍යවශ්‍ය ගැසට්ටුවක් ගැසීම වංචනිකයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන්සතු කිරීමේ ගැටලුවට විසඳුම් ලබානොදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම මර්දනකාරී වංචනික ක්‍රියාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවැසීය.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල එම පක්ෂ කාර්යාලයේ ඊයේ (31 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙන්නේ නැගෙනහිර පර්යන්තය අන්සතු කිරීමේ ගැටලුව විසඳී ඇත්නම් මෙලෙස ගැසට් පත්‍ර නිකුත් කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගවලට නීතිමය බාධාවක් ගෙන එමින් ආණ්ඩුව ඉඟි කර ඇත්තේ මෙම ප්‍රශ්නය විසඳී නොමැති බව යැයිද හෙතෙම කීවේය.

එමෙන්ම නැගෙනහිර පර්යන්තය අන්සතු නොකර ඒ වෙනුවට බටහිර පර්යන්තය විකුණනවා යැයි සමාජගත කර මෙය ව්‍යාකූල කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බව පැවැසූ පුබුදු ජයගොඩ මෙම තිර පිටපත පිටුපස ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන් බන්දු වික්‍රම සහ ඇමැති නාලක ගොඩහේවා ඇතුළු වියත් මගේ පිරිස් සිටින බවද පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද කීය.

‘‘දැන් මේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටලුවට අද (1 වැනිදා) දින පවත්වන කැබිනට් එකේදී තීරණ දෙකකට එනවලු. එකක් තමයි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කොටස් වෙළෙඳ පොළට යොමු කරනවලු. එහෙම යොමු කළාට පස්සේ වරාය අධිකාරිය සියයට 15 ක කොටස් මිලට ගන්නවා. එතකොට ලංකාවේ, ජපානයේ සහ ඉන්දියානු සමාගම් ඉතුරු ටික මිලට ගන්නවා. එහෙම යෝජනාවක් තියෙනවා. දෙවැනි තීරණය තමයි නැගෙනහිර ජැටිය වෙනුවට තවම හදලා නැති බටහිර පර්යන්තය දෙනවා කියන තීරණය. දැන් මේ යෝජනා දෙක ගැන දන්නේ නැහැ වගේ ආණ්ඩුවේ ඉන්න පක්ෂ 10 ක් නියෝජනය කරන නායකයන් පෙරේදා (30 වැනිදා) විමල් වීරවංශගේ ගෙදර එකතු වෙලා ගොඩක් සටන්කාමී කතා කියනවා අපි දැක්ක. දැන් එහෙම මාධ්‍ය සංදර්ශනයක් දාලා සටන ඉවරයි කියලා කියවා ගන්න හදනවා. හැබැයි සටන ඉවර නැහැ. විමල් වීරවංශගේ ගෙදර ගියපු අයද මෙම තිර පිටපත පිටුපස ඉන්නවා.’’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23