AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ආයතන දෙකක් සාමන්‍ය ලෙස පවත්වාගෙන යන්න ඉඩ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සහ ඉඩම් රෙජිස්ටාර් ජනරාල් යන ආයතනවල කාර්යාල සුුළු වශයෙන් හෝ පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අනුමැතිය ලබාදුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැති ‘කොවිඩ්’ මර්දන කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.

‘කොවිඩ්’ අවදානම සහ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙම ආයතන දෙකේම කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර සේවකයන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා මීට මාසයකට පමණ පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දැමීමට පියවර ගත්තේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?