A29 මාර්ගයේ මාරක අනතුරින් මහ රෑ අහිමි වූ තරුණ ජීවිත දෙක (ඡායාරූප)

හොරොව්පතාන – වව්නියාව A29 මාර්ගයේ ඊයේ (30) රාත්‍රියේ සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් ගවයන් දෙදෙනෙකුගේ ගැටී පසුව බෝක්කුවක ගැටී පෙරළී යාමෙන් හොරොව්පතාන – වව්නියාව මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් 22 හැවිරිදි තරුණයෙක් එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත් වූ අතර, 19 හැවිරිදි වියේ පසු වූ තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

අනතුරින් ජීවිතක්ෂයට පත් 22 හැවිරිදි තරුණයා හමුදා සෙබළෙකු වන අතර, ඔහු අලුත්වත්ත, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ජීවිතක්ෂයට පත් 19 හැවිරිදි තරුණයා නිකවැව, හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
7
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18