ලබන මාසේ ගල් අගුරු නොගෙනාවොත් විදුලි කප්පාදුව පැය 10ක්…

සැප්තැම්බර් මස අග ඉඳන් ගල් අඟුරු මිලියන ටොන් දෙකහමාරක් ගෙන්වා ගන්න කටයුතු කළේ නැත්නම් පැය දහයක විතර විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පැවසනවා.

කොළඹදී ඔහු මෙසේ කියා සිටියේය.

‘නොරොච්චෝලේ බලාගාරයේ දැන් තියෙන්නේ තාක්ෂණික බිඳවැටීමක් කියලා ඒගොල්ලෝ කියනවා. ඇත්තට නොරොච්චෝලේ බලාගාරය එක යන්ත්‍රයක් වාර්ෂික නඩත්තු කිරීමට වසා දාන තත්වෙක තමයි තිබුනේ. ඒකෙන් කොයිකද කියලා මම දන්නෑ හරියට ඔය දැන් කරගෙන යන්නේ. කෙසේ නමුත් සැප්තැම්බර් මස අග ඉඳන් ගල් අඟුරු මිලියන ටොන් දෙකහමාරක්, ලක්ෂ විසිපහක් ගෙන්නා ගන්න කටයුතු කළේ නැත්නම් විධිමත් ආකාරයකට අපිට පැය තුන නෙමෙයි පැය දහයක විතර විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙනවා.

ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා දෙදාස් විසිපහ වෙනකම් ගල් අඟුරු ගෙන්නන්න. මේ මාස කිහිපයකටවත් ගල් අඟුරු ගෙන්න ගන්න ඩොලර් නෑ කිය කිය දෙදාස් විසිපහ වෙනකල් ගල් අඟුරු එක පාරට ගෙන්නන්න හදන්නේ මොන පදනමක් මතද? මොන ක්‍රියාවලියක් මතද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හා රටේ ආර්ථික තත්වයට, ඒ වගේම ඩොලර් සංචිතවලට ඔරොත්තු දෙන ආකාරයට, ගල් අඟුරු ප්‍රසම්පාදන නොකළ නිසා දැන් අර්බුදයට ගිහින් තියෙනවා. ඒක ඉදිරියටත් මේ අවිධිමත් ආකාරයට කලොත් ඉතාම භයානක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙයි. මොකද ගල් අඟුරු බලාගාරය නොතිබුනොත් පැය දහයක පමණ විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙන නිසා’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41