ගාලුමුවදොර විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වීසා බලපත්‍රය අවලංකු කර ඇති බවත් අගෝස්තු 15 වන දිනට පෙර රටින් පිටවන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා .ඇයට මෙරටින් පිටුවහල් වන ලෙස දැනුම් දී තිබුණ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙතෙක් ඇය රටින් පිටුවහල් වී නොමැති බවය.ඇය රැඳී සිටි ස්ථානයෙන් මේ වන විට නික්ම ගොස් ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ජාතික Kayleigh Fraser සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ආගමන විමගමන දෙපාර්තමේන්තුව පවසයි.අදාළ තරුණිය මේ වනවිට මෙරට රැඳී සිටින අතර ඇය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ




