යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුර

හංවැල්ල තිත්තපත්තර ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

යතුරු පැදිකරු සහ යතුරු පැදියේ පිටුපස සිටි පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරිමේදී එක් අයෙක් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා තිබෙනවා

එහිදී එම පුද්ගලයාද ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා

වයස අවුරුදු 27 සහ 28 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර මොවුන් හංවැල්ල සහ වග ප්‍රදේශවල පදිංචිකරුවන්

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?