නිවාස පෙලක් ගිනිගනී

හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ මොන්ටිෆෙයාර් කොටසේ වතු නිවාස පේලියක (16) දින උදැසන හටගත් ගින්නකින් නිවාස 06 ක් අර්ධ වශයෙන් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

වතු නිවාස 20 කින් සමන්විත නිවාස පේලියේ (16) දින හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර යාම වලක්වා ගැනිමට එම වතුයායේ පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් සමත් වි ඇත.

වසා තිබුණු එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්,ගින්නෙන් වතු නිවාස පේලියේ නිවාස 06 ක් අර්ධ වශයෙන් විනාශ වි ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

ගිනිගත් වතු නිවාස වලට ලබා දි තිබු විදුලි බලය විසන්ධි කිරිමට හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් පියවර ගෙන ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06