අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරක් හමුවෙයි

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර නුවරඑලිය ග්‍රේගරි වැවිට ජලය ගලා බසිනා තලගලඔයේ තිබි (15) දින හමු වු බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ තලගලඔයේ තිබි හමු වි ඇත්තේ නුවරඑලිය බඹරකැලේ වතුයායේ පදිංචිව සිටි සුන්දරලිංගම් ශෂිදරන් (22) හැවිරිදි තරුණයාගේ සිරුරයි.

නුවරඑලිය තුරග තරග පිටිය හරහා ග්‍රේගරි වැවට ජලය ගලා බසින තලගල ඔයේ තිබි මෙම මල සිරුර (15) දින උදැසන ක්‍රිඩා අමාත්‍යංශයට අයත් නිවාඩු නිකේතනයේ සේවකයෙකු විසින් දැක ඒ බව නුවරඑලිය පොලිසියට දැනුම් දි ඇත.

තරුණයා අතුරුදහන් වි ඇති බවට මියගිය තරුණයාගේ ඥාතින් විසින් නුවරඑලිය පොලිසියට ඉකුත් (06) දින පැමිණිලි කර ඇති අතර, එම ඥාතින් විසින් (15) දින තලගලඔයේ තිබු මල සිරුර අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර බවට හදුනාගෙන ඇත.

මියගිය තරුණයා නුවරඑලිය බඹරකැලේ ප්‍රදේශයේ පිහිටි ළමා ගම්මානය අසලින් මාර්ගයේ බිමත්ව නිවසට ගමන් කරන ආකාරය එම ළමා ගම්මානයේ ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

තලගලඔයේ තිබි හමු වු මියගිය තරුණයාගේ සිරුර නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?