ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක්

රජයේ හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශ්වකරුවන් වන අධිකරණ කටයුතුවල දී ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කිසිඳු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ නිලධාරීන් සමඟ සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි දන්වා ඇත්තේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) ලිපියක් යොමු කරමිනුයි ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

එම කරුණු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 27 වන පරිච්ඡේදයේ විධිවිධාන හා ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සමග පමණක් ලිපි ගනුදෙනු කිරීමට වගබලා ගත යුතු වනවා.

ඉහත කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ලිපි ගනුදෙනු සිදුකරන්නේ නම් එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදුකළ යුතු බවට ද දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09