spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක්

රජයේ හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශ්වකරුවන් වන අධිකරණ කටයුතුවල දී ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කිසිඳු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ නිලධාරීන් සමඟ සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි දන්වා ඇත්තේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) ලිපියක් යොමු කරමිනුයි ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

එම කරුණු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 27 වන පරිච්ඡේදයේ විධිවිධාන හා ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සමග පමණක් ලිපි ගනුදෙනු කිරීමට වගබලා ගත යුතු වනවා.

ඉහත කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ලිපි ගනුදෙනු සිදුකරන්නේ නම් එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදුකළ යුතු බවට ද දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?