ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දොස් මුරයක්

ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අනුමැතිය සඳහා ඊයේ (12) දිනයේ දී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත යොමුකර තිබෙනවා.

එලෙස යොමුකළ සංචිතය අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය දින 21කට පෙර අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණ ද, ප්‍රමාද වී එය තමන් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ දෝෂාරෝපණයට ලක්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සංචිත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ද සිය අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

තේරීම් කමිටුව විසින් අනුමැතිය සඳහා සංචිතය මෙලෙස ඉදිරිපත්කර ඇත්තේ තරගාවලිය ආරම්භ වීමට දින 15කට පෙරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32