spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දොස් මුරයක්

ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අනුමැතිය සඳහා ඊයේ (12) දිනයේ දී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත යොමුකර තිබෙනවා.

එලෙස යොමුකළ සංචිතය අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය දින 21කට පෙර අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණ ද, ප්‍රමාද වී එය තමන් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ දෝෂාරෝපණයට ලක්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සංචිත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ද සිය අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

තේරීම් කමිටුව විසින් අනුමැතිය සඳහා සංචිතය මෙලෙස ඉදිරිපත්කර ඇත්තේ තරගාවලිය ආරම්භ වීමට දින 15කට පෙරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?