ජීවන්ත පීරිස් පියතුමන් අධිකරණයට

ගාලුමුවදොර අරගලයේ මූලිකත්වය ගෙන කටයුතු කළ පිරිස අතර සිටි ජීවන්ත පීරිස් පියතුමන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පැමිණ තිබෙනවා.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද නියම කළා.

ඒ, එම නඩුව අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව පොලිසිය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?