කඳුකර කොටියාගේ මිය යාම ගැන විමර්ශනයක්

හැටන් – සමර්හිල් වතුයායේ දී මරණයට පත් කඳුකර කොටියාගේ, මරණය සිදු වූ ආකාරය සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් සිදුකරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

දඩයක්කරුවෙකු ඇටවූ මන්දකට හසුවී සිටි මෙම කඳුකර කොටියා අසල තිබූ ගසකට නැඟ සිටියදී මන්ද එම සත්වයාගේ ඉණ ප්‍රදේශයෙන් තද වී තිබෙනවා.

කෙසේ වෙතත් ගස උඩ සිරව සිටි සත්වයා ගසෙන් බිමට ගැනීමට වනජීවි නිලධාරින් විවිධ උත්සාහයන් ගත්ත ද ඒවා සාර්ථක වී නැහැ.

ඒ, අනුව අවසානයේ වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළමින් සත්වයා බිමට ගැනීමටයි අවසානයේ කටයුතු කළේ.

කෙසේ වෙතත් ගස කපා බිම හෙළිමත් සමඟ ඊට යට වී එම සත්වයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කරන කරන ලෙසත්, අදාල නිලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් එම සත්වයා මරණයට පත් වූ බව සනාථ වන්නේ නම් එම වනජීවි නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් සඳහා අද (08) දිනම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන් – සමර්හිල් වතුයාය බලා පිටත් කර හැරීමටයි කටයුතුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?