කඳුකර කොටියාගේ මිය යාම ගැන විමර්ශනයක්

හැටන් – සමර්හිල් වතුයායේ දී මරණයට පත් කඳුකර කොටියාගේ, මරණය සිදු වූ ආකාරය සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් සිදුකරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

දඩයක්කරුවෙකු ඇටවූ මන්දකට හසුවී සිටි මෙම කඳුකර කොටියා අසල තිබූ ගසකට නැඟ සිටියදී මන්ද එම සත්වයාගේ ඉණ ප්‍රදේශයෙන් තද වී තිබෙනවා.

කෙසේ වෙතත් ගස උඩ සිරව සිටි සත්වයා ගසෙන් බිමට ගැනීමට වනජීවි නිලධාරින් විවිධ උත්සාහයන් ගත්ත ද ඒවා සාර්ථක වී නැහැ.

ඒ, අනුව අවසානයේ වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළමින් සත්වයා බිමට ගැනීමටයි අවසානයේ කටයුතු කළේ.

කෙසේ වෙතත් ගස කපා බිම හෙළිමත් සමඟ ඊට යට වී එම සත්වයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කරන කරන ලෙසත්, අදාල නිලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් එම සත්වයා මරණයට පත් වූ බව සනාථ වන්නේ නම් එම වනජීවි නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් සඳහා අද (08) දිනම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන් – සමර්හිල් වතුයාය බලා පිටත් කර හැරීමටයි කටයුතුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03