සමයං සහ ඌරු ජුවාගේ සමීපතම ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ සමීපතම ගෝලයෙක් විදේශීය නිෂ්පාදිත පිස්තෝලක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා නවගමුව, රණාල ප්‍රදේශයේ දී ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මියගොස් සිටින අරුණ උදයන්ත නොහොත් ‘සමයං’ නැමැත්තාගේ කල්ලියේ ප්‍ර‍බල සාමාජිකයෙකුව සිට, පසුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට මිය ගොස් සිටින මාඹුලගේ දිනෙත් මෙලන් නොහොත් ‘ඌරු ජුවා’ නැමැත්තා සමඟ මෙම සැකකරු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මදුරුවල ආරච්චිගේ උෂාන් චතුරංග විමලවීර නැමැති වයස අවුරුදු 32 හැවිරිදි මෙම සැකකරු ඌරුජුවා මිය යාමෙන් පසු ඔහුගේ මුදල් භාවිත කරමින් මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මෙහෙයවීම් සිදුකර ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව් ඔහු සන්තකයේ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයට අමතරව එම අවියට සවි කළ හැකි පතොරම් ගැබ් 01ක් සහ මිලි මීටර් 06.35 වර්ගයේ ජීව උණ්ඩ 02ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරු පසුගිය මැයි 09 වන දින ඔහුගේ මිතුරෙකු වන චතූ නොහොත් ‘බක්කා’ යන අන්වර්ථන නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයාට, අකිල නැමැත්තා විසින් පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකිරීම හේතුවෙන් එයට පළිගැනීමක් ලෙස අකිල නැමැත්තාගේ නිවසට පහර දී වාහනය ගිනි තබා අකිල නැමැත්තා ඝාතනය කිරීම සදහා කුමන්ත්‍ර‍ණ සිදුකරමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18