එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් වසර 17කට පසු පාකිස්ථානයට

වසර 17කට පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව විස්සයි විස්ස තරග 07ක් සඳහා එංගලන්ත කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේ දී පාකිස්ථානයට බලා යාමට සූදානමින් සිටින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

තරගාවලියේ පළමු විස්සයි විස්ස තරග හතර කරච්චි හිදී පැවැත්වීමට සැලසුම්කර ඇති අතර අවසන් තරග තුන ලාහෝර් හිදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

සැප්තැම්බර 20,22, 23,25,28,30 සහ ඔක්තෝම්බර් 02 යන දිනයන්වලදී මෙම තරගාවලිය පැවැත්වෙනවා.

මේ අතර 2008 වසරෙන් පසු පළමු වරට ලබන වසරේ දී (2023) ආසියානු කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදීමට ද පාකිස්තානය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03