spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් වසර 17කට පසු පාකිස්ථානයට

වසර 17කට පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව විස්සයි විස්ස තරග 07ක් සඳහා එංගලන්ත කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේ දී පාකිස්ථානයට බලා යාමට සූදානමින් සිටින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

තරගාවලියේ පළමු විස්සයි විස්ස තරග හතර කරච්චි හිදී පැවැත්වීමට සැලසුම්කර ඇති අතර අවසන් තරග තුන ලාහෝර් හිදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

සැප්තැම්බර 20,22, 23,25,28,30 සහ ඔක්තෝම්බර් 02 යන දිනයන්වලදී මෙම තරගාවලිය පැවැත්වෙනවා.

මේ අතර 2008 වසරෙන් පසු පළමු වරට ලබන වසරේ දී (2023) ආසියානු කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදීමට ද පාකිස්තානය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?