ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවේ පළමු වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු කේරළ ප්‍රාන්තයේ පදිංචි අයෙක්.

මෙම තරුණයා මීට දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර, පැවති ශරීර අපහසුතා හේතුවෙන් පසුගිය 27 වනදා ඔහුව රෝහල්ගත කර තිබෙනවා.

ඉන්දියාවෙන් මේ වනවිට වඳුරු උණ ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් තිදෙනෙක් කේරළ ප්‍රාන්තයෙන් සහ අනෙක් පුද්ගලයා දිල්ලියෙන් හඳුනා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?