කොරෝනා මරණ භූමදානය කරන්න අවසර දෙන බව අගමැති කිව්වේ නෑ ලු

කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර දෙන බවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ නොකළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසීය.ඇය මේ බව ප්‍රකාශ කළේ, අද  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ, කොරෝනා මරණ භූමදානය කරන්න දෙනවා දැයි නොවන බවත් එතුමා ප්‍රශ්න කළේ මරණ භූමදානය කරන්න දෙනවා ද කියා බවත් මරණ භූමදානය කරන්න දෙනවා දැයි ඇසූ ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන් බවත් ඇය එහිදී පැවසීය.

ඇය පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මරණ භූමදානය ගැන මිස කොරෝනා මරණ භූමදානය ගැන නොවන බවත්ය.

කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා වෛද්‍ය අංශවලින් අනුමැතියක් ලැබී තිබෙනවා දැයි  තමා නොදන්නා බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරිය මෙසේ ද පැවැසීය.

“මරික්කාර් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන මොහොතේ මම පාර්ලිමේන්තුවේ සිටියා. මරික්කාර් මන්ත්‍රීතුමා ඇහුවේ මරණ භූමදානය කරන්න දෙනවා ද කියලයි. ඉතිං මරණ භූමදානය කරන්න දෙනවානේ. මරික්කාර් මන්ත්‍රීතුමා ඇහුවේ කොරෝනා මරණ භූමදානය කරන්න දෙනවා ද කියලා නොවෙයි. මරණ භූමදානය කරන්න දෙනවා ද කියලයි. ඒක භූමදානය කරන්න දෙනවා යැයි කිව්වා. වෛද්‍ය අංශවලින් අනුමැතියක් ලැබී තිබෙනවා දැයි මම දන්නේ නැහැ. මරණ භූමදානය කරන්න දෙනවා දැයි අහපු ප්‍රශ්නයටයි අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේ. අගමැතිතුමා කිව්වේ මරණ භූමදානය ගැන මිස කොරෝනා මරණ භූමදානය ගැන නොවෙයි.කොරෝනා මරණ භූමදානය කළ යුතු යැයි විශේෂඥයෝ ප්‍රකාශ කළොත් අපි ඒකට ඉඩ දෙනවා.”

මන්ත්‍රීවරිය එසේ පැවසුව ද, අග්‍රාමාත්‍යවරයා කොරෝනා මරණ භූමදානය කිරීමට ඉඩ දෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ප්‍රසාදය පළ කර තිබිණි.

මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් නැගූ අතුරු ප්‍රශ්නවලදී මන්ත්‍රීවරිය ඍජු පිළිතුරු දීමෙන් වැළකී සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?