කොරෝනා මරණ භූමදානය කරන්න අවසර දෙන බව අගමැති කිව්වේ නෑ ලු

කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර දෙන බවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ නොකළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසීය.ඇය මේ බව ප්‍රකාශ කළේ, අද  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ, කොරෝනා මරණ භූමදානය කරන්න දෙනවා දැයි නොවන බවත් එතුමා ප්‍රශ්න කළේ මරණ භූමදානය කරන්න දෙනවා ද කියා බවත් මරණ භූමදානය කරන්න දෙනවා දැයි ඇසූ ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන් බවත් ඇය එහිදී පැවසීය.

ඇය පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මරණ භූමදානය ගැන මිස කොරෝනා මරණ භූමදානය ගැන නොවන බවත්ය.

කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා වෛද්‍ය අංශවලින් අනුමැතියක් ලැබී තිබෙනවා දැයි  තමා නොදන්නා බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරිය මෙසේ ද පැවැසීය.

“මරික්කාර් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන මොහොතේ මම පාර්ලිමේන්තුවේ සිටියා. මරික්කාර් මන්ත්‍රීතුමා ඇහුවේ මරණ භූමදානය කරන්න දෙනවා ද කියලයි. ඉතිං මරණ භූමදානය කරන්න දෙනවානේ. මරික්කාර් මන්ත්‍රීතුමා ඇහුවේ කොරෝනා මරණ භූමදානය කරන්න දෙනවා ද කියලා නොවෙයි. මරණ භූමදානය කරන්න දෙනවා ද කියලයි. ඒක භූමදානය කරන්න දෙනවා යැයි කිව්වා. වෛද්‍ය අංශවලින් අනුමැතියක් ලැබී තිබෙනවා දැයි මම දන්නේ නැහැ. මරණ භූමදානය කරන්න දෙනවා දැයි අහපු ප්‍රශ්නයටයි අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේ. අගමැතිතුමා කිව්වේ මරණ භූමදානය ගැන මිස කොරෝනා මරණ භූමදානය ගැන නොවෙයි.කොරෝනා මරණ භූමදානය කළ යුතු යැයි විශේෂඥයෝ ප්‍රකාශ කළොත් අපි ඒකට ඉඩ දෙනවා.”

මන්ත්‍රීවරිය එසේ පැවසුව ද, අග්‍රාමාත්‍යවරයා කොරෝනා මරණ භූමදානය කිරීමට ඉඩ දෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ප්‍රසාදය පළ කර තිබිණි.

මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් නැගූ අතුරු ප්‍රශ්නවලදී මන්ත්‍රීවරිය ඍජු පිළිතුරු දීමෙන් වැළකී සිටියාය.

  1. මේ කාලයේ මරණ භූමිදානය කරන්න අවසර දෙනවාද යනුවෙන් ඇසූ විට ඒ කියන්නේ කොරෝනා මරණ ගැන බව තේරුම් ගැනීමටවත් මොලයක් නැති බූරුවොද රට පාලනය කරන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30