QR ක්‍රමවේදය භාවිත කළ වැඩිම ඉන්ධනහල් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

එක් දිනක් තුළ ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව QR ක්‍රමවේදය භාවිත කළ වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ (29) දිනයේ වාර්තා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ එම සංඛ්‍යාව 657ක් බවයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි ඉන්ධ පිරවුම්හල් 1,190න්, 962ක් ම මේ වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට අනුගත වී ඇති බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ඊයේ (29) රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන 4,651,911ක් ලියාපදිංචි වී තිබෙනවා.

FY4qBzSX0AU6 5Q
  1. කිව් ආර් වලින් අපිට වැඩක් නැත… අපි බයික් පෝලිම් 2ක දින 2ක් හටියා තෙල් නැතිව පෝලිමෙන් භාගයකටත් වැඩිය ආපහු ආවා දින 2කේම මෙහෙම වුනා…අග අංක 1ක් අනුව දින 10කට වරක් තෙල් ලීටර 10/15ක් දෙන්න ක්‍රමයක් හදන්න..මිනිස් පැය ලක්ෂ ගනන් පෝලිංවල අහක යනවා..නිතර නිතර තෙල් හොයන්න ගිහින් නිකරුනේ තෙල් පුච්චා ගන්නවා, නිකරුනේ වියදම් කරනවා..නැත්නම් ගම් වලට තෙල් එවන්න..