බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට තිබූ කාල සීමාව දිගු කරයි

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබාදුන් සහන කාලය අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව දැනුම් දෙනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ පොදු ප්‍රවාහන සේවා සීමා වීම හේතුවෙන් මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 29 වන දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන බලපත්‍ර සඳහා අද (29) දින එනම් ජුලි මස 29 දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය නොකිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඒ, අනුව එම දඩ මුදල් අය නොකිරීමේ කාල සීමාව අගෝස්තු මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?