පාපැදියට අද සිට වෙනම මංතීරු

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් පාපැදි භාවිතයට නැඹුරු වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

ඒ, හේතුවෙන් කොළඹ නගරයේ මාර්ගවල පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරු ඇති කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ මහනගර සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කොළඹ බැංකු මාවතේ පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරුවක් විවෘත කිරීම අද (29) සිදු වුණා.

එහිදී පා පැදි ආරක්ෂිතව රඳවා තැබීමේ ස්ථාන ද මෙහි වෙන් කර තිබෙනවා.

එමෙන්ම කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ ද පා පැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට අද සිට සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?