ගුවන් හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් පහර දුන් බව කියූ සිද්ධියේ ඇත්ත එළියට

”ගුවන් හමුදා භටයෙක් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙයි” යනුවෙන් සමාජ මාධ්‍යයේ පසුගිය දා පළ වූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරමිභ කළ අතර එහි දී එම හමුදා සෙබළා පවසා ඇත්තේ නිවාඩු ගොස් ආපසු එමින් සිටිය දී තමාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැට ගසා ගසක බැඳ පහර දී මරා දමන්නට උත්සාහ කළ බවයි.

මෙහිදී ඔහු විසින් ලබාදුන් ප්‍රකාශය සහ කරුණු සොයා බැලීමේදී තොරතුරුවල පරස්පර තාවක් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔහු අසල තිබූ දමිළ භාෂාවෙන් ලියූ පුවරුව පිළිබඳ සැකයක් මතු වීම හේතුවෙන්ද ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබූ පොලිස් නිලධාරීන් හට එය ලියා ඇත්තේ දෙමළ භාෂාව සම්බන්ධ පරිචයක් නොමැති පුද්ගලයෙකු බවයි වැටහී ඇත්තේ.

ඒ, ඔස්සේ විමර්ශනය ඉදිරියට සිදු කරගෙන යාමේදී මෙම ක්‍රියාව ඔහු විසින්ම සිදු කර ඇති බවට අදාල ගුවන් හමුදා සෙබළා පිළිගෙන තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනය පහතින්..

295914863 606058711080668 6952687941246523995 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34