ජනාධිපති කොඩිය සරමකට ගත් පුද්ගලයා සොයා විමර්ශන

පසුගිය 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පිරිස අතර සිටි අයෙක් එහි සවිකර තිබූ ජනාධිපති නිල කොඩිය සොරගෙන යන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති බව පොලිසිය පවසනවා.

කිසියම් අයෙකු එම කොඩිය සරමක් ලෙස හැඳගෙන මහ මඟ ගමන් ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන් ඇති අතර එම දර්ශන අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අමුත්තන් මුණගැසෙන ප්‍රධාන ශාලාවේ ජාතික කොඩිය සමඟ ජනාධිපති නිල කොඩිය ද සවිකර තිබූ බවයි වාර්තා වන්නේ.

එම කොඩිය කිසියම් පුද්ගලයෙකු විසින් සරමක් ලෙස හැඳගෙන ගමන් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් ද පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?