AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපයේ වයස්ගතම තැනැත්තිය කොරෝනාවෙන් දිවි ගලවා ගනියි

යුරෝපයේ වයස්ගතම පුද්ලගයා ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් ඇගේ 117 වන උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වෙනවා.1904 වර්ෂයේ පෙබරවාරි 11 දින උපත ලැබූ ඇන්ඩ්‍රේ කන්‍යාසොයුරිය යුරොපයේ වයස්ගතම තැනැත්තිය ලෙස සැලකෙන අතර ලොව දෙවන වයස්ගතම තැනැත්තිය ද වනවා. ඇගේ මුල් නම ලුසි රැන්ඩන් වන අතර 1944 වසරේදී ඇය ඇන්ඩ්‍රේ නමින් කන්‍යා සොයුරියක බවට පත්වූවා.පසුගිය ජනවාරි 16 දින ඇයට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැහැ.

ප්‍රංශයේ දකුණු දිග ටූලෝන්හි පිහිටි සිය විශාමික නිවසේ වෙසෙන ඇය කොරෝනා ආසාදිත බව දැනගත් පසු අනිත් නේවාසිකයන්ගෙන් වෙන්ව හුදකලාව සිටියා.”මට රෝගය සෑදී ඇති බවක් දැනුනේවත් නැහැ. මම බය වුණේ නැහැ. මොකද මම මැරෙන්න බය වුණේ නැහැ. මම ඔබ සමග ඉන්න ආසයි. නමුත් මගේ වැඩිමල් සහෝදරයා, මගේ සීයා, ආච්චි සමග එක්වීමට වඩාත් කැමතියි.” යනුවෙන් ප්‍රංශ ගුවන් විදුලිය අමතමින් ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය පවසා තිබෙනවා.ඇන්ඩ්‍රේ සොයුරියගේ දෙඇස් නොපෙනෙන අතර ඇවිදිමේ අපහසුතාවය හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කරනවා. වෛද්‍යවරුන් පවසන්නේ ඇන්ඩ්‍රේ මේ වනවිට කොරෝනා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි. ඇය අද (11) දිනයේ සිය 117 වන උපන්දිනය සැමරීමට සූදානම්ව සිටින බවත් සඳහන් වෙනවා.

q1
s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?