යුරෝපයේ වයස්ගතම තැනැත්තිය කොරෝනාවෙන් දිවි ගලවා ගනියි

යුරෝපයේ වයස්ගතම පුද්ලගයා ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් ඇගේ 117 වන උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වෙනවා.1904 වර්ෂයේ පෙබරවාරි 11 දින උපත ලැබූ ඇන්ඩ්‍රේ කන්‍යාසොයුරිය යුරොපයේ වයස්ගතම තැනැත්තිය ලෙස සැලකෙන අතර ලොව දෙවන වයස්ගතම තැනැත්තිය ද වනවා. ඇගේ මුල් නම ලුසි රැන්ඩන් වන අතර 1944 වසරේදී ඇය ඇන්ඩ්‍රේ නමින් කන්‍යා සොයුරියක බවට පත්වූවා.පසුගිය ජනවාරි 16 දින ඇයට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැහැ.

ප්‍රංශයේ දකුණු දිග ටූලෝන්හි පිහිටි සිය විශාමික නිවසේ වෙසෙන ඇය කොරෝනා ආසාදිත බව දැනගත් පසු අනිත් නේවාසිකයන්ගෙන් වෙන්ව හුදකලාව සිටියා.”මට රෝගය සෑදී ඇති බවක් දැනුනේවත් නැහැ. මම බය වුණේ නැහැ. මොකද මම මැරෙන්න බය වුණේ නැහැ. මම ඔබ සමග ඉන්න ආසයි. නමුත් මගේ වැඩිමල් සහෝදරයා, මගේ සීයා, ආච්චි සමග එක්වීමට වඩාත් කැමතියි.” යනුවෙන් ප්‍රංශ ගුවන් විදුලිය අමතමින් ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය පවසා තිබෙනවා.ඇන්ඩ්‍රේ සොයුරියගේ දෙඇස් නොපෙනෙන අතර ඇවිදිමේ අපහසුතාවය හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කරනවා. වෛද්‍යවරුන් පවසන්නේ ඇන්ඩ්‍රේ මේ වනවිට කොරෝනා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි. ඇය අද (11) දිනයේ සිය 117 වන උපන්දිනය සැමරීමට සූදානම්ව සිටින බවත් සඳහන් වෙනවා.

q1
s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09