මැතිව්ස්ගේ 100ට ගාලු ක්‍රීඩාංගණය හැඩවෙයි – වෙල්ලාලගේට අද ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරඟය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයගෙන පාකිස්ථානය ඉදිරියෙන් සිටින අතර තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද ආරම්භ වන තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් අද තම, සියවන ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 06 වන ක්‍රීඩකයා ලෙසටයි මැතිව්ස් වාර්තා අතරට එක්වන්නේ.

මීට පෙර සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කර තිබෙනවා.

මැතිව්ස් මේ වනව්ට ලෝක ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ 14 වන ස්ථානයේ රැඳී සිටින අතර ඔහු මේ වනවිට ටෙස්ට් පිටියේ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6867ක්.

තම සියවන ටෙස්ට් තරගය වෙනුවෙන් අද ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සරසා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගන්නවා.

ඒ බව ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියා.

මේ අතර ආබාධයකට ලක් වූ පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශාහින් අෆ්රිඩි වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නෝමාන් අලී කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?