මැතිව්ස්ගේ 100ට ගාලු ක්‍රීඩාංගණය හැඩවෙයි – වෙල්ලාලගේට අද ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරඟය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයගෙන පාකිස්ථානය ඉදිරියෙන් සිටින අතර තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද ආරම්භ වන තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් අද තම, සියවන ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 06 වන ක්‍රීඩකයා ලෙසටයි මැතිව්ස් වාර්තා අතරට එක්වන්නේ.

මීට පෙර සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කර තිබෙනවා.

මැතිව්ස් මේ වනව්ට ලෝක ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ 14 වන ස්ථානයේ රැඳී සිටින අතර ඔහු මේ වනවිට ටෙස්ට් පිටියේ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6867ක්.

තම සියවන ටෙස්ට් තරගය වෙනුවෙන් අද ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සරසා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගන්නවා.

ඒ බව ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියා.

මේ අතර ආබාධයකට ලක් වූ පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ශාහින් අෆ්රිඩි වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නෝමාන් අලී කණ්ඩායමට කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14