මඟියාගේ පා පහරින් දුම්රියෙන් ඇද වැටී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට

දුම්රිය මඟියෙකු එල්ල කළ පා පහරකින් දුම්රිය ආරක්ෂක නිලධාරියකු ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසිවී ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථානය අතර ඊයේ (22) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි වේයන්ගොඩ පොලිසිය පැවසුවේ.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය‍ තුළ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දුම්රිය ආරක්ෂක නිලධාරියෙක්.

දුම්රිය මැදිරිය තුළ පුද්ගලයින් දෙදනෙක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර එසේ නොකරන ලෙසට අදාල දුම්රිය ආරක්ෂක නිලධාරියා උපදෙස් දුන් අවස්ථාවේ ඊට කෝප වී එක පුද්ගලයෙකු ඔහුට විසින් පා පහරක් එල්ල කර තිබෙනවා.

මඟියාගේ පා පහර වැදුණු දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රියෙන් පිටතට විසි වී ඇද වැටී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳව දැන ගත් වහාම ක්‍රියාත්මක වූ මීරිගම පොලීසියේ නිලධාරීන් පිරිසක් මීරිගම දුම්රිය ස්ථානයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?