බංග්ලාදේශ 20-20 කණ්ඩායමට අලුත් නායකයෙක්

බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක නූරුල් හසාන් පත්කර තිබෙනවා.

සිම්බාබ්වේ සමඟ හරාරේ හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පමණක් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම තීරණය පිළිබඳව දැනුම්දීම සඳහා ඊයේ දිනයේ දී බංග්ලාදේශ විස්සයි විස්ස නිත්‍ය නායක මහමුදුල්ලා සමඟ සාකච්ඡාවක් බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මහමුදුල්ලා මේ දිනවල එතරම් දක්ෂතා අතර නොමැතිවීම හේතුවෙන් සිම්බාබ්වේ සංචාරයේ දී ඔහු විවේක ගන්වා තිබෙනවා.

ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම් මෙම තාගවලියේ දී විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?