සියල්ලන් බලාසිටි අටවැනි විධායක ජනපති තෝරා පත්කිරිම අද

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක අනුප්‍රාප්තික ජනාධිපති තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේදී අද (20) පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.මැතිවරණයකින් ජනාධිපතිවරයකු තේරා පත්කර ගැනීම වෙනුවට පාර්ලිමේන්තුව මගින් නව ජනපති තෝරා ගැනීම මෙම ඓතිහාසික සිද්ධියයි. ඒ අනුව නව ජනපති තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ සිදුවූවේ තවත් ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක්ද එක් කරමිනි.

එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් නිසි පරිදි යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත්වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය.

මෙම ඡන්ද විමසීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම විශේෂත්වයක් වේ.මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහ ලේකම්වරයා විසින් කථානායක ද ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබේ. එවිට එම මන්ත්‍රීවරයා තේරීම් භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතු අතර එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කෙරේ.ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභා ගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා තේරීම් භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුය.

එක් මන්ත්‍රීවරයකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “1” යන ඉලක්කම යොදා ඡන්දය සලකුණු කළ යුතුය.

අපේක්ෂකයන් කිහිපදෙනකු සිටින බැවින් දෙවැනි මනාපයද සලකුණු කිරීමට අවස්ථාව සැලසේ. ඒ අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙළ අනුව ලකුණු කිරීමට හැකිය.මෙහිදී අපේක්ෂකයන් දෙදෙනකු හෝ කිහිපදෙනකු ලැබූ ඡන්ද සමාන වුවහොත් තේරීම් භාර නිලධාරියාගේ පරම අභිමතය පරිදි කුසපත් ඇදීමක් මගින් නව ජනාධිපති තෝරා ගැනේ.

එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44